නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

May 22, 2010

සනත් ජයසුරිය අද සෙල්ලම් කරයි ද???

ඔබට මතක ද මෙම තරඟය?????


මෙම තරඟයේ දී සනා කොච්චර හොඳට සෙල්ලම් කලා ද.ඇයි දැන් මේ වගෙ සෙල්ලම් කරන්න බැරි ජයසූරියට????කෙසේ වෙතත් ඔහු අපේ රටට කල සේවය නම් අපි අමතක නොකළ යුතුය.

අද තරඟයට සනත් ජයසුරිය සෙල්ලම් කල යුතුද???මගෙ හැගිම නම් අද ඔහු සෙල්ලම් නොකල යුතු යන්නයි.මන්ද මේ දවස් වල ඔහු ඉන්නේ form එකේ නෙමෙයි.ඒ කෙසේ වෙතත් අප නොවේ අද තරඟය ට ක්‍රීඩා කරන අය තෝරන්නේ.ඉන්න කට්ටිය කල්පනා කරලා අද තරඟය ජය ගැනිමට නම් ජයසුරියව අයින් කල යුතුය.අපේ අය අද FUN එකට සෙල්ලම් කරනවා නම් ජයසූරිය ගත්තා ට අවුලක් නෑ....

හැබැයි අද අරගෙන ජයසුරිය ගැහුවොත් නම් එලම කිරි.මොක ද මම ආසම කරන ක්‍රිඩකයා ඔහුයි.ඒ මොනවා වුණත් මං හිතන්නේ අද නම් සංගා ජයේ ව ගන්නෙ නෑ.....

කට්ටියම මේක කියවලා comment එකක් දලා යන්න....

අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.....



May 19, 2010

අන්තර්ජාලය හරහා නොමිලේ SMS යවන්න...





ඔබේ ජංගම දුරකථනයේ මුදල් නොමැති නම් මෙන්න අන්තර්ජාලය හරහා නොමිලේ SMS යවන්න පහසු ක්‍රමයක්.ඔබත් මෙය අත්හදා බලන්න.....

මෙම අඩවියෙන් ඔබට ලොව ඕනෑම තැනකට යැවිය හැකිය.ඔබට කිරීමට තිබෙන්නේ අදාළ රටේ "country code" ටයිප් කරලා ඊට පස්සේ යැවිමට අවශ්‍ය කරන තියන නොම්බරේ ටයිප් කර ඉන්පසුව අවශ්‍ය විස්තරේ ටයිප් කර යට "word verification" එකත් ටයිප් කර යවන්න.මෙය ඉතාමත් පහසු ක්‍රමයකි.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඔබට ලොවේ සිටිනා ඕනෑම කෙනෙකුට SMS එකක් යැවිය හැකි විමයි.
ලංකාවේ ජංගම දුරකථන වලට යැවිමේ දී මේ ආකාරයට යවන්න,
947********
මෙය ඔබෙත් වැඩ කරනවා නම් පමණක් comment එකක් දීලා යන්න...

May 17, 2010

දුක් සුසුමන්

ඊයේ රෑ ඉදලම හොඳටම වහිනවා.එපා වෙලා හිටියේ.වැස්ස නිසා අද ඉස්කොලේ යන්නත් බැරි වුණා.දැන් බහිමකෝ කියන්න ආපූ වැඩේට..
අද හරිම කමැලි දවසක්. ඉස්සෙල්ලා කිව්වා වගෙ අද වහින නිසා.මගෙ හිතේ තිබ්බා අද කොහොම හරි නිසඳැසක් ලියනවා කියලා.ඒ සිතිමේ ප්‍රතිපලයක් ලෙස අද කවියක් ලිව්වා.එක ඔබ සමඟ බෙදා ගැනිමට මා සිතූවේය.
මුලින්ම කියන්න ඕනේ මේක ලියනකොට හොඳටම වහිනවා.ඒ මදිවට ගොරවනවත් එක්ක.ඒ මොනවා වුනත් මම මගෙ පාඩුවේ කවිය ලිව්වා.දැන් තියෙන්නේ ඔබේ වාරයයි.කවියට ගුණ දොස් පවසන එකයි.කවිය නම් විරහව හා සම්බන්ධ එකක්.මට අදහස් එන්නේ ම ඒ හා සම්බන්ධ එවා විතරමයි....
කවියේ නම තමයි "දුක් සුසුමන්"

දුක් සුසුමන්

සිතුවිලි උතුරා මා හද හඬවා,
මැදියම් යාමේ මා උමතු වූයේ.....
හදේ හි ගලනා මේ දුක් සුසුමන්,
අඩ අඳුරේ මියැදුනේ.....
නොසැලෙන දෙනෙත් තුලින්,
කඳුළු බිඳක් මා තොල් සිපගන්නේ,
සිඳි බිඳි ගියා ආලයෙනි.....
උණුසුම නැති වූ කල,
සිතට දෙන දුක් සුසුමන්,
කොහොමද මා එය දරාගන්නේ.....
කලින් කලට මල් පරවෙන්නා මෙන්,
මගෙ සිතත් කලින් කලට පරවෙන්නේ.....
දකින සිහින විමන්,
මගෙ හදේ නැවති.....
සුලඟ මෙන් නුඹ මා ගෙන් ඈතට,
වෙන් වී යන්මනේ......

May 16, 2010

ඔබත් ග්‍රහයෙකුට නමක් යෝජනා කිරීමට කැමති ද??


පසු ගිය 30 වැනි දා 'X ග්‍රහයා නම් කිරිම' මැයෙන් ලෝකය පුරා ක්‍රියාත්මක වන තරඟයක් අන්තර්ජාලය ඔස්සේ එළි දැක්විණි.එහි දි ඔබ සිදු කළ යුත්තේ අලුතෙන් සොයා ගන්නා වාමන ග්‍රහයෙකු සඳහා නමක් යෝජනා කිරිමට ඔබට අවස්ථවක් ලෑබුණ හොත් ඔබ යෝජනා කරන නම සහ එය යෝජනා කිරිමට බලපෑ හේතු මොනවා දැයි දැක්විම පමණි.

වැඩි විස්තර සඳහා මෙම අඩවියට ගොස් දැනගන්න.එසෙම මෙම අඩවියෙන් ම ඔබට ඒ සඳහා අයෑදුම් කල හෑකිය.

මේ සඳහා සිංහලෙන් විස්තර දැන ගැනිමට නම් මෙම අඩවිය ට පිවිසෙන්න,

.....ඔබත් මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.....







May 5, 2010

මවකගේ උණුසුම නොලබා-K.සේන


මිය යමින් තිබුණු ගීතයක් මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්වුන "මවකගේ උණුසුම නොලබා" යන ගීතය මෑත කාලයේදී බිහි වූ ගීත වලට හොඳ ආදර්ශයකි.මෙම ගීතය නැවත වරක් රසිකයන් අතරට පැමිණියේ දෙරණ නාලිකාවෙන් පැවැත්වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ දෙවන තැන හිමි කරගත් උදේශ් මනෝජ් ගායනා කිරීමෙන් පසුවය.ඉන්පසුව ෆේස් බුක්,එලකිරි වැනි වෙබ් අඩවි හරහා ද මෙම ගීතය හුවමාරු කරගනී.මා සිතුවා මේ ගීතය "අවකාශයේ මගෙ තාප්පය"හරහා ඔබ හා බෙදාගැනීමට. මෙම ගීතයේ මුල් ගායනය K.සේන ශුරින්ය.ඔහුගේ ගායන විලාසයට ඕනෑම කෙනකුට ඇඩෙනවා.ඒ තරම් දුක් බර විදියට ඔහු ගායනා කරනවා.

මේ තමයි එම ගීතයේ පද රචනය,

ම්... ම්... ම්... ම්
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ.. මගේ පාළුව මැකේ.. //

හිතේ තියන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
නුබේ අම්මා දෙවිය ලෝකේ ගියා චුටි පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා...
සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරෙනු ඇතැයි සිතේ
පුතුගේ උපත මවගේ විපත එක දිනයේදී උනේ

මා හට දී ඔයා... ඈ සුරලොව ගියා... //

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ

සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී... ///


මෙම ගීතයේ මුල්කෘතිය-http://www.sendspace.com/file/j2gmfc