April 5, 2014

යකා කාක් (Yaka Kaak) - Flappy Bird සිංහල Version

 අපේ කොල්ලෙක් ඉතින් හොඳ වැඩක් කරන කොට අපිත් ඉතින් එකට උදව්වක් කරන්න එපැයිනේ.

ඉතින් අපි දන්නවානෙ Flappy Bird ගේම් එක දැන් Play Stores , iTunes එකෙත් දැන් නෑ කියලා.එයට හේතුව නම් දන්නේ එහි මුල් නිර්මාණකරු වන වියට්නාම ජාතික Dong Nguyen තමයි.මෙම ඉතා කුඩා app එක ඉතාමත් ඉක්මනට ලොව පුරා ජනප්‍රියම app එකක් බවට පත්වුනා.ඒ සමඟ ම බොහො දෙනෙක් මෙම flappy bird app එක අණුකරණය කරමින් app නිර්මාණය කරනු ලැබීය.ඒ අතර ශ්‍රී ලාංකිකයෙක් වන  ඩිල්ෂාන් අබේගුණවර්ධන නම් මොහු විසින් එහි සිංහල පිටපත වන යකා කාක් (Yaka Kaak) නිර්මාණය කරන ලදී.දැනට මෙම app එක android සඳහා පමණක් ඇත.




යකා කාක් APP සහ Flappy Bird APP අතර වෙනස්කම්

මුලින්ම කියන්න ඔනේ යකා කාක් තනිකරම ලාංකිකයන් වෙනුවෙන්නම සෑදු app එකක් බව.ඔබට එය පින්තුර දැකිමෙන් ම තේරුම් ගැනීමට හැකිය.ඇත්තටම flappy bird එක තරම් ලේසි නෑ යකා කාක්.මන්ද මට හැඟෙන විදියට නම් යකා කාක් හි කුරුල්ලා තරමක් විශාලය flappy bird app එකෙ සිටින කුරුල්ලාට වඩා.ඒ නිසා මෙහිදි කුරුල්ලා ඉදිරියට ගෙන යාමට අපහසුය (මේ මගෙ අදහසයි).

යකා කාක් Free Download On Your Android Mobile


 
‍යකා කාක් (Yaka Kaak)