නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

May 17, 2010

දුක් සුසුමන්

ඊයේ රෑ ඉදලම හොඳටම වහිනවා.එපා වෙලා හිටියේ.වැස්ස නිසා අද ඉස්කොලේ යන්නත් බැරි වුණා.දැන් බහිමකෝ කියන්න ආපූ වැඩේට..
අද හරිම කමැලි දවසක්. ඉස්සෙල්ලා කිව්වා වගෙ අද වහින නිසා.මගෙ හිතේ තිබ්බා අද කොහොම හරි නිසඳැසක් ලියනවා කියලා.ඒ සිතිමේ ප්‍රතිපලයක් ලෙස අද කවියක් ලිව්වා.එක ඔබ සමඟ බෙදා ගැනිමට මා සිතූවේය.
මුලින්ම කියන්න ඕනේ මේක ලියනකොට හොඳටම වහිනවා.ඒ මදිවට ගොරවනවත් එක්ක.ඒ මොනවා වුනත් මම මගෙ පාඩුවේ කවිය ලිව්වා.දැන් තියෙන්නේ ඔබේ වාරයයි.කවියට ගුණ දොස් පවසන එකයි.කවිය නම් විරහව හා සම්බන්ධ එකක්.මට අදහස් එන්නේ ම ඒ හා සම්බන්ධ එවා විතරමයි....
කවියේ නම තමයි "දුක් සුසුමන්"

දුක් සුසුමන්

සිතුවිලි උතුරා මා හද හඬවා,
මැදියම් යාමේ මා උමතු වූයේ.....
හදේ හි ගලනා මේ දුක් සුසුමන්,
අඩ අඳුරේ මියැදුනේ.....
නොසැලෙන දෙනෙත් තුලින්,
කඳුළු බිඳක් මා තොල් සිපගන්නේ,
සිඳි බිඳි ගියා ආලයෙනි.....
උණුසුම නැති වූ කල,
සිතට දෙන දුක් සුසුමන්,
කොහොමද මා එය දරාගන්නේ.....
කලින් කලට මල් පරවෙන්නා මෙන්,
මගෙ සිතත් කලින් කලට පරවෙන්නේ.....
දකින සිහින විමන්,
මගෙ හදේ නැවති.....
සුලඟ මෙන් නුඹ මා ගෙන් ඈතට,
වෙන් වී යන්මනේ......

May 16, 2010

ඔබත් ග්‍රහයෙකුට නමක් යෝජනා කිරීමට කැමති ද??


පසු ගිය 30 වැනි දා 'X ග්‍රහයා නම් කිරිම' මැයෙන් ලෝකය පුරා ක්‍රියාත්මක වන තරඟයක් අන්තර්ජාලය ඔස්සේ එළි දැක්විණි.එහි දි ඔබ සිදු කළ යුත්තේ අලුතෙන් සොයා ගන්නා වාමන ග්‍රහයෙකු සඳහා නමක් යෝජනා කිරිමට ඔබට අවස්ථවක් ලෑබුණ හොත් ඔබ යෝජනා කරන නම සහ එය යෝජනා කිරිමට බලපෑ හේතු මොනවා දැයි දැක්විම පමණි.

වැඩි විස්තර සඳහා මෙම අඩවියට ගොස් දැනගන්න.එසෙම මෙම අඩවියෙන් ම ඔබට ඒ සඳහා අයෑදුම් කල හෑකිය.

මේ සඳහා සිංහලෙන් විස්තර දැන ගැනිමට නම් මෙම අඩවිය ට පිවිසෙන්න,

.....ඔබත් මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.....







May 5, 2010

මවකගේ උණුසුම නොලබා-K.සේන


මිය යමින් තිබුණු ගීතයක් මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්වුන "මවකගේ උණුසුම නොලබා" යන ගීතය මෑත කාලයේදී බිහි වූ ගීත වලට හොඳ ආදර්ශයකි.මෙම ගීතය නැවත වරක් රසිකයන් අතරට පැමිණියේ දෙරණ නාලිකාවෙන් පැවැත්වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ දෙවන තැන හිමි කරගත් උදේශ් මනෝජ් ගායනා කිරීමෙන් පසුවය.ඉන්පසුව ෆේස් බුක්,එලකිරි වැනි වෙබ් අඩවි හරහා ද මෙම ගීතය හුවමාරු කරගනී.මා සිතුවා මේ ගීතය "අවකාශයේ මගෙ තාප්පය"හරහා ඔබ හා බෙදාගැනීමට. මෙම ගීතයේ මුල් ගායනය K.සේන ශුරින්ය.ඔහුගේ ගායන විලාසයට ඕනෑම කෙනකුට ඇඩෙනවා.ඒ තරම් දුක් බර විදියට ඔහු ගායනා කරනවා.

මේ තමයි එම ගීතයේ පද රචනය,

ම්... ම්... ම්... ම්
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ.. මගේ පාළුව මැකේ.. //

හිතේ තියන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
නුබේ අම්මා දෙවිය ලෝකේ ගියා චුටි පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා...
සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරෙනු ඇතැයි සිතේ
පුතුගේ උපත මවගේ විපත එක දිනයේදී උනේ

මා හට දී ඔයා... ඈ සුරලොව ගියා... //

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ

සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී... ///


මෙම ගීතයේ මුල්කෘතිය-http://www.sendspace.com/file/j2gmfc

April 24, 2010

දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරගය


දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරඟය අද සවස පැවැත්වීමට සියල්ල සූදානම් වන මොහොතකි.
ශ්‍රී ලාංකීය ගායන ලෝකයට පිවිසෙන නවක තරුව මැදියම් වන විට අප හට එය දැනගැනීමට හැකිවේ..

අද තරඟය සදහා වෙනස් ම ආකාර තුනකට ගායනා කරන තරඟකරුවන් තිදෙනෙක් ගීත ගායනා කරනු ලබති.මෙහි දී විශේෂත්වය වන්නේ ප්‍රථම වරට රොක් සංගීතකරුවෙකු අද දින ගීත ගායනා කිරීමයි.
මා මේ තිදෙනා ට සූභ පතනවා........
ජයෙන් ජයම වේවා!!!!!!


April 14, 2010

නව අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් ඉතිරේවා......



සියලු සිතුම් පැතුම් , ඒ අයුරින්ම ඉටුවන, දුකින් කරදර වලින් තොර, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

මෙයට,
හිමත්

April 4, 2010

චකිතය

ගීතය-චකිතය
සංගීතය-නෙම්සිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා

ශ්‍රි ලාංකීය සංගීතයට නව පෙරලීයක් එක් කරමින් පැමිණි නෙම්සිස් සංගීත කණ්ඩායමේ නවතම ගීතය නිකුත් වීය...2008 වසරේ දී ටී.එන්.එල්. ඔන්ස්ටේජ් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකි විය...

මේ ඔවුන්ගෙ නවතම ගීතය,

February 19, 2010

මිරිගුවක්


මිරිගුවක් වූවත් ඔබ මා හට
මට එසේ වන්නේ මන්දැයි නොසිතෙන්නේ.....
නොලැබෙන ආදරයක් වෙනූවෙන් සිත ලැතවූල් වන්නේ...
සිතින් පමණක් ඔබ හට පෙම් කරන්නේ.........
දූක පමණක් හිමි වූයේ.....
ඔබේ ආදරයේ මා හට එරෙහි වූ නිසාවෙනි......
ඔබ මිරිගුවක් වී හො පැමිණ...
මේ සිත සනසවන්න......

February 8, 2010

ආර්ථික


මෙරට තිබූ ආර්ථික රටාව ක්‍රි.ව.1505 න් පසූව වෙනස් වන්නට වීය.මන්ද මෙරටට පැමිණි පෘතුග්‍රිසී,ලන්දෙසීන් හා ඉංග්‍රිසීන් යන ජන කොටස් නිසාය.මෙහිදී අප රටට බලවත් ලෙස ආර්ථිකයට බලපෑමක් එල්ල වූයේ ඉංග්‍රිසීන්ගේ පැමිණිමත් සමඟය.කෙසේ හො මොවූන් කළ මෙම කාර්යය අප විසින් අගය කලයුත්තකි.මන්ද යත් සූද්දාගෙන් පසු බිහි වූ නායකයෙක් මොවුන් විසින් කළ දුම්රිය මාර්ගය ඉන් එක් අඩියක් වත් සැදීමට ක්‍රියානොකරන්නේ මන්ද යන්න අප සෑමගේම ප්‍රශ්නයක් මතු වන කරුණකි.මොවුන් විසින් අප හට තේ යන වෙළද බෝගය හඳුන්වා දුන්නේය.එම තේ වර්තමානය වන විට අප රටේ ප්‍රධාන අපනයන භාණ්ඩය වී ඇත.සූද්දා විසින් අප රටට දුන් වටිනාම දේ වන්නේ ඒයයි.කෙසේ හෝවේවා ඔවුන අප රටට කළ සේවය අගය කළයුත්තකි.