April 4, 2010

චකිතය

ගීතය-චකිතය
සංගීතය-නෙම්සිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා

ශ්‍රි ලාංකීය සංගීතයට නව පෙරලීයක් එක් කරමින් පැමිණි නෙම්සිස් සංගීත කණ්ඩායමේ නවතම ගීතය නිකුත් වීය...2008 වසරේ දී ටී.එන්.එල්. ඔන්ස්ටේජ් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකි විය...

මේ ඔවුන්ගෙ නවතම ගීතය,

4 comments: