May 5, 2010

මවකගේ උණුසුම නොලබා-K.සේන


මිය යමින් තිබුණු ගීතයක් මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්වුන "මවකගේ උණුසුම නොලබා" යන ගීතය මෑත කාලයේදී බිහි වූ ගීත වලට හොඳ ආදර්ශයකි.මෙම ගීතය නැවත වරක් රසිකයන් අතරට පැමිණියේ දෙරණ නාලිකාවෙන් පැවැත්වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ දෙවන තැන හිමි කරගත් උදේශ් මනෝජ් ගායනා කිරීමෙන් පසුවය.ඉන්පසුව ෆේස් බුක්,එලකිරි වැනි වෙබ් අඩවි හරහා ද මෙම ගීතය හුවමාරු කරගනී.මා සිතුවා මේ ගීතය "අවකාශයේ මගෙ තාප්පය"හරහා ඔබ හා බෙදාගැනීමට. මෙම ගීතයේ මුල් ගායනය K.සේන ශුරින්ය.ඔහුගේ ගායන විලාසයට ඕනෑම කෙනකුට ඇඩෙනවා.ඒ තරම් දුක් බර විදියට ඔහු ගායනා කරනවා.

මේ තමයි එම ගීතයේ පද රචනය,

ම්... ම්... ම්... ම්
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ.. මගේ පාළුව මැකේ.. //

හිතේ තියන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
නුබේ අම්මා දෙවිය ලෝකේ ගියා චුටි පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා...
සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරෙනු ඇතැයි සිතේ
පුතුගේ උපත මවගේ විපත එක දිනයේදී උනේ

මා හට දී ඔයා... ඈ සුරලොව ගියා... //

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ

සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී... ///


මෙම ගීතයේ මුල්කෘතිය-http://www.sendspace.com/file/j2gmfc

2 comments:

  1. ලස්සන ගීයක්. මමත් සෑහෙන කැමතියි මේ ගීයට.
    ඒ කාලෙ මේ ගීතය සෑහෙන ජනප්‍රිය උනා කියල නම් එක එක කතා වලින් අහල තියනව.

    ස්තූතියි මේක දැම්මට.

    ReplyDelete
  2. ඔව් ඔව් ඒ කලේ උදේට යන අනිවාර්ය සින්දුවක් තමයි මේක.
    අද කාලේ සින්දු මොනවද කියලා හිතෙනවා මේ වගෙ සින්දු අහනකොට.

    ReplyDelete