October 10, 2010

BB Creidts අහුවෙන්න එපා



කාලෙකට පස්සේ හිතුනා පොස්ට් එකක් දාන්න ඔනේ කියලා.මට මේක දාන්න ඕනේ කියලා හිතුනේ එලකිරි එකේ දලා තිබ්බ පොස්ට් එකක් දැකලා තමයි.ඒ පොස්ට් එක දලා තිබුනේ Mal Baba තමයි.මෙන්න ඒ දලා තිබුන පොස්ට් එක,

BB Creidts අහුවෙන්න එපා

ඇත්තටම මමත් ඒ පොස්ට් එකම තමයි දන්නේ.ඔහුගෙන් අවසරය ඇතුවයි.මෙම පොස්ට් එක ලංකාව මෙන්න ම අන් සියලුම රටවල වාසය කරන සෑමට ම ඉතාමත් වැදගත් වන දේයකි.(එහෙම කිව්වා ට බාර්න් බඩි සෙල්ලම් කරන අයට පමණයි) මේ කථාව නවත්තලා යමුකෝ විස්තරේ කියන්න.


ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් .රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ.

ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ.ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට සාක්ෂි සහිතව ආපු නිවුස් එකක්.මේක කූට උපක්‍රමයක්.මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා.

මෙන්න මේ පහත දීලා තියන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්නකෝ.හැබැයි වැරදිලාවත් ඔකේ තියන උපදෙස් නම් පිළිපදින්න යන්න එපා.මොකද සමහර අය තමන් ගෙ හැගිම් වලට වහල් වෙලා පවා දෙන අවස්ථා අප අනන්ත දැක තිබෙනවා නේ.

:˙˙·٠•●Barn Buddy Game ! With Fun Game●•٠·˙˙:/

පහත පෙන්වා දී තිබෙනවා එම වෙබ් ලිපිනයට ගිය පසු දැකගතහැකි දේවල් කෙසේ වෙතත් කවුරුත් මේ දෙවල් වලට නොමග යන්නඑපා.මොකද මෙහි ඔබේ මුහුණු පොතේ ඊමේල් ලිපිනය සහ රහස් පදය ලබා දීමෙන් ඔබට බන් බඩී ක්‍රෙඩිට් කෙසේ වෙතත් වෙන වෙන සිද්දි වලට මුහුණ දෙන්න වෙයි.කිසිම හේතුවක් නිසා මේකට අහුවෙන්න එපා.




මේක කරගෙන යන්නෙ ශානික පෙරේරා කියල කෙනෙක් කියල ඒ වෙබ් පිටුවෙම සදහන් කරල තියෙනවා.මෙන්න ඒ විස්තරය,






මේ ශානික පෙරේරා කියන කෙනා මුහුණු පොතේ එහෙමත් ඉන්නවා.

මල් බබා විසින් කියනු ලැබු දේයක්,
"එයගෙ මුහුණු පොතේ ඉන්න කෙනෙක් කිව්ව එයා ඒගොල්ලන්ගෙ ඊමෙල් සහ පාස්වඩ් අරගෙන ක්‍රෙඩිට් වැඩිකරල දුන්න කියල.කොහොම උනත් මේ සයිට් එකෙන් නම් නෙවෙයි පවුද්ගලිකව."

මෙන්න ඒ ශානික පෙරේරා කියන තැනැත්තා ගෙන් මුහුණු පිටුවෙන් හොයාගන්න ට ලැබුණු සාක්ෂි,




මේ ඉන්නෙ ඩයල් එක මෙයා තමයි මේ වැඩේ කරනව කියල හොයාගන්න පුලුවන් වුනේ.

කිසියම් කූට මාර්ගෙකින් ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ.එහෙත් ඔබගේ මුහුණු පොත් ගිනුමේ පාස් වඩ් එක ලබාදීමෙන් මෙම පුද්ගලයාට එය භාවිතාකර යම් අයතා කාර්යන් සිදුකර හැකි මෙන්ම ඒ තුලින් යමෙක් ඔබගේ ගිණුම මුහුණු පොත් පාලක මණ්ඩලයට වාර්තාකරහොත් ඔබගේ ප්‍රෝෆයිල් එක ඔවුන් විනාස කර දැමීමට ඉඩ අතුවා මෙන්ම ඔබගේ විස්තර මෙම පුද්ගලයා අතට පත්වීම සිදුවිය හැකිය.

මෙහිදී සිදුවන්නෙ ඔබ විසින් ඉහත සදහන් කර වෙබ් පිටුවට ගොස් එහි තොරතුරුවලට අනුව ඔබගේ තොරතුරු ලබාදීමෙන් ශානික නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ.එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත.

කරුණාකර අවධානයෙන් සිටින්න.මෙවන් දේ සිදුවිය හැකිය