මම මේ අවුරුද්දේ අහපු හොඳම සින්දු 10 හා හොඳම ඇල්බම් ටික තමයි අද මගෙ පොස්ට් එක. මං මුලින් ම අහපු හොඳම සින්දු 10 ගැන කියන්නම්. මම දාන්නේ අග ඉදලා මුලට තමයි.නැත්නම් ආස ම කරන එක මුලින් ම දැම්මා ම වැඩක් නෑනේ.
Best Songs,
10.සරා සිහින රහසේ-භාතිය සහ සංතුෂ්
මං මේක මුලින් ම ඇහුවේ පන්ති යන වේලාවක බස් එකේ යනකොට තමයි.එක ඇහුනා ම හිතට මාර විදියට වැදුනා.එක නිසා ම තමයි මේක පළවෙනි 10ට ආවේ. ඔයගොල්ලෝ තාම මේක අහලා නැත්නම් මෙන්න බාගන්න ලින්ක් එකක්.(මේ සින්දුව ට නම් ගොඩක් අය කැමති ඇති)
සරා සිහින රහසේ-භාතිය සහ සංතුෂ්
09.Waiting For The End-Linkin Park
මං මේක මුලින් ම ඇහුවේ අපේ ගෙදර ඩයලොග් ටි.වී. ගෙනාව නිසා තමයි.VH1 එකේ මේ සින්දුව ගියා.ඊට පස්සේ මං මේක download කරගත්තා.ඒත් තාම මං Linkin Park ගෙ අලුත් ඇල්බම් එක නම් download කලේ නෑ.ගොඩක් කට්ටිය කිව්වා ඒ ඇල්බම් එක හරි නෑ කිව්ව නිසයි.මේ සින්දුව ඔයලා ගාව නැත්නම් මෙන්න බාගන්න ලින්ක් එකක්.
Waiting For The End-Linkin Park
08.21 Guns-Green Day Ft The Cast Of American Idiots
මේකත් මං මුලින් ම දැක්කේ VH1 එකේ යනවා දැකලා තමයි.මං කලින් නම් 21 Guns ඔරිජිනල් එක අහලා තිබ්බා.ඒත් මේ remix එක නම් අහලා තිබ්බේ නෑ.මේකත් මං ගොඩක් ආස කරන සින්දුවක්.මේකත් download කරලා නැත්නම් දැන් කරගන්න. මං මේක ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.එක තමයි මං මේ යටින් දලා තියන ලින්ක් එක.එකෙ ඇති බාගන්න ලින්ක් එක.
21 Guns-Green Day Ft The Cast Of American Idiots
07.Dear Agony-Breaking Benjamin
අම්මෝ මං ගොඩක් ආස කරන සින්දුවක්.මේ සින්දුව නම් පට්ට ගැහුව්ව.මේ සින්දුව විතරක් නෙමෙයි Breaking Benjamin ගෙ අලුත් ඇල්බම් එක ම පට්ට ගැහුව්වා.ඔයගොල්ලොත් අහලා නැත්නම් අහන්න්කෝ.මං දැනට මේ සින්දුව විතරක් දෙන්නම්.
Dear Agony-Breaking Benjamin
06.Give Me A Sign-Breaking Benjamin
ඉස්සෙල්ලා කිව්වා වගෙ මේකත් පට්ට ගැහුව්වා.මේ සින්දුවත් අලුත් ඇල්බම් එකේ තියන සින්දුවක් තමයි.අහලා ම බලන්නකෝ.
Give Me A Sign-Breaking Benjamin
05.More To This-The Letter Black
මං මේ සින්දුව ඇහුවේ අහම්බෙන් වගෙ.මාර ලස්සන සින්දුවක් මේක.හරි ම හිමින් යන සින්දුවක්.මේ සින්දුව නම් අහන්න ම ඕන එකක්.අහලා ම බලන්න.මෙන්න එක,
More To This-The Letter Black
04.Love The Way Lie(Part 2)-Rihanna Ft Eminem
මේකට වඩා නම් ගොඩක් කට්ටිය කැමති මේකේ part 1 එකට තමයි.එත් මං ස්ටයිල් එක තියෙන්නේ මේකේ තමයි.අහලා නැත්නම් දැන් අහලා බලන්නකෝ.
Love The Way Lie(Part 2)-Rihanna Ft Eminem
ඉතුරු සින්දු තුන ගැන පස්සේ කියන්නම්. දැන් යමුකෝ අහපු හොඳම ඇල්බම් ටිකට.ඇත්තට ම ඇල්බම් නම් තියෙන්නේ පොඩ්ඩයි.
Best Albums,
05.The Letter Black-Hanging By A Thread
මේ කට්ටිය ගෙ එක සින්දුවක් අහලා තමයි හිතුනේ ඇල්බම් එක ම හොඳ ඇති කියලා.ඉතින් download කරගෙන ඇහුව්වා.මාර ගති ඇල්බම් එකක්.මෙන්න බාගන්න ලින්ක් එකක්,
The Letter Black-Hanging By A Thread
ඔක්කෝම විස්තර එක්ක අර ලින්ක් එකේ ඇති.මං කලින් දාපු පොස්ට් එකක් එක.
04.Good Charlotte-Cardiology
මේ ගොල්ලන් ගෙ Young And The Hopeless ඇල්බම් එකට පස්සේ අහපු හොඳම ඇල්බම් එක.ඒ ගොල්ලෝ අයේ පරණ විදියට ම සින්දු කරලා තියනවා.අහලා ම බලන්න.මං මේක කලින් පොස්ට් එකක් දලා තිබ්බා.එක බලන්නකෝ.එකේ ඇති බාගන්න ලින්ක් එකක්.
Good Charlotte - Cardiology
03.The Red Jumpsuit Apparatus-The Hell or High Water
හ්ම්ම්ම්ම් මේ අයගෙ නම් ඇල්බම් තුන ම හොඳයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.අහලා ම බලන්නකෝ. මං අය ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.බලන්නකෝ පහළ තියන ලින්ක් එකට ගිහිල්ලා ම.
The Red Jumpsuit Apparatus All Albums
02.ඩැඩී-අරාබිය
මේක මේ ආවේ හෙන ළඟ දී.ලාංකාවේ කට්ටියක් ළඟදී කරපු හොඳම ඇල්බම් එක කියලා කියන්න පුලුවන්.දැනටමත් කට්ටිය ගාව මේක ඇති.නැත්නම් අහලා ම බලන්නකෝ.
ඩැඩී-අරාබිය
01.Breaking Benjamin-Dear Agony
අම්මෝ මේ අවුරුද්දේ වැඩි ම කාලයක් අහපු ඇල්බම් එක තමයි මේක.කොච්චර ද කියනවා නම් මේ ඇල්බම් එක මොබයිල් එකෙත් දාගෙන ඇහුව්වා.කොච්චර ඇහුව්වාත් එපා වුනේ නැති ඇල්බම් එකක්.අහල ම බලන්නකෝ.මෙන්න ලින්ක් එක,
Breaking Benjamin-Dear Agony
මේ ටික තමයි මං අහපු හොඳම ඇල්බම් ටික මේ අවුරුද්දේ.දැන් යමුකෝ හොඳම සින්දු තුනට.
Best Songs,
03.Without You-Breaking Benjamin
ඇල්බම් එකෙන් ගොඩක් ම කැමති වුනම සින්දුව තමයි මේක.අහලා ම බලන්නකෝ....
Without You-Breaking Benjamin
මට මේ සින්දුවේ acoustic version එකත් හම්බුනා.අහලා ම බලන්න.මාර ගති සින්දුවක්.
Without You-Breaking Benjamin(Acoustic Version)
02.Hanging By A Thread-The Letter Black
මගෙ අයියා තමයි මුලින් ම කිව්වේ මෙහෙම පට්ට සින්දුවක් තියනවා කියලා.මට දුන්නා අහන්න කියලා.ඇහුව්වා ම මාර ගති සින්දුවක්.පස්සේ පස්සේ දිගට ම වගෙ ඒ සින්දුව ඇහුව්වා.කොහොම හරි එක තමයි මේ පාර මගෙ දෙවැනියට ම ආස කරන සින්දුව.
Hanging By A Thread-The Letter Black
01.ආදරයේ අංශු මාත්රයක්-ඉන්ද්රචාප ලියනගෙ
මේ අවුරුද්දේ සිංහල සින්දු වලින් අහපු හොඳම සින්දුව.සිංහල විතරක් නෙමෙයි හැම භාෂාවකින් ම අහපු හොඳම සින්දුව.මේ සින්දුව ට මේ පාර දෙරණ මියුසික් ඔවොඩ්ස් 2010 වලදී ඔවොඩ්ස් 5ක් හම්බුනා. මේ පාර එක සින්දුවක ට හම්බුන වැඩි ම ඔවොඩ්ස් ගාන හම්බුනේ මේකට තමයි.(ලංකාවේ) මං මේ සින්දුව ගැනත් පොස්ට් එකක් දැම්මා.එකේ ඇති සින්දුවේ ඔක්කෝම විස්තර.ඒ වගෙ ම සින්දුව බාගන්න ලින්ක් එකත්.
ආදරයේ අංශු මාත්රයක්-ඉන්ද්රචාප ලියනගෙ
මේ තමයි මං ආස ම කරන සින්දු 10 සහ ඇල්බම් 5. පුලුවන් නම් ඔයලා කැමති සින්දු 10ත් දලා යන්න..
නියමයි මල්ලී...
ReplyDeleteමෙතනින් මම කැමතිම සරා සිහින රහසේ සහ ආදරේ අංශු මාත්රයක් කියන ගීත....
@ nirupama perera එල එල.... ;)
ReplyDeleteඔයා රොක් මියුසික් වලට කැමති නැතිව ඇති.එකයි අනිත් ඒවා ට කැමති නැත්තේ.....
ඔව් ඔව්..රොක් මියුසික් වලට මම වැඩිය කැමති නෑ තමා..
ReplyDelete@ nirupama perera එක නේ.ඔයා "More To This-The Letter Black" ගෙ සින්දුව අහලා බලන්නකෝ.මාර ලස්සනයි.
ReplyDeleteමම ඒක ඇහුවා..ඒ උණාට මම වැඩිය කැමති නෑ..
ReplyDeleteමොකා????? මං මේක අහන්න දුන්න හැමෝම මාර ගති සින්දුවක් කියලා කිව්වා නේ.....
ReplyDeleteහික් හික්.. මම සාපේක්ෂව වෙනස්..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....
ReplyDeleteඔයාගෙ ටේස්ට් එක නම් අමුතුයි වගෙ.......
thawa rock sindu tikkake dennako
ReplyDelete@ Panchala හරි හරි....
ReplyDelete