August 16, 2009

මහින්දාගමනයෙන් පසු ලංකාව

එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්‍රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි. මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි. “පොසොන් පොහොය” ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි. ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය. මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි. මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය. පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.


උපුටා ගැනීම : සිංහල විකිපීඩියා

No comments:

Post a Comment