May 17, 2010

දුක් සුසුමන්

ඊයේ රෑ ඉදලම හොඳටම වහිනවා.එපා වෙලා හිටියේ.වැස්ස නිසා අද ඉස්කොලේ යන්නත් බැරි වුණා.දැන් බහිමකෝ කියන්න ආපූ වැඩේට..
අද හරිම කමැලි දවසක්. ඉස්සෙල්ලා කිව්වා වගෙ අද වහින නිසා.මගෙ හිතේ තිබ්බා අද කොහොම හරි නිසඳැසක් ලියනවා කියලා.ඒ සිතිමේ ප්‍රතිපලයක් ලෙස අද කවියක් ලිව්වා.එක ඔබ සමඟ බෙදා ගැනිමට මා සිතූවේය.
මුලින්ම කියන්න ඕනේ මේක ලියනකොට හොඳටම වහිනවා.ඒ මදිවට ගොරවනවත් එක්ක.ඒ මොනවා වුනත් මම මගෙ පාඩුවේ කවිය ලිව්වා.දැන් තියෙන්නේ ඔබේ වාරයයි.කවියට ගුණ දොස් පවසන එකයි.කවිය නම් විරහව හා සම්බන්ධ එකක්.මට අදහස් එන්නේ ම ඒ හා සම්බන්ධ එවා විතරමයි....
කවියේ නම තමයි "දුක් සුසුමන්"

දුක් සුසුමන්

සිතුවිලි උතුරා මා හද හඬවා,
මැදියම් යාමේ මා උමතු වූයේ.....
හදේ හි ගලනා මේ දුක් සුසුමන්,
අඩ අඳුරේ මියැදුනේ.....
නොසැලෙන දෙනෙත් තුලින්,
කඳුළු බිඳක් මා තොල් සිපගන්නේ,
සිඳි බිඳි ගියා ආලයෙනි.....
උණුසුම නැති වූ කල,
සිතට දෙන දුක් සුසුමන්,
කොහොමද මා එය දරාගන්නේ.....
කලින් කලට මල් පරවෙන්නා මෙන්,
මගෙ සිතත් කලින් කලට පරවෙන්නේ.....
දකින සිහින විමන්,
මගෙ හදේ නැවති.....
සුලඟ මෙන් නුඹ මා ගෙන් ඈතට,
වෙන් වී යන්මනේ......

No comments:

Post a Comment