අද වගෙ දවසක තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තේ.
අද වෙනකොට නම් බ්ලොග් එක ගොඩක් දියුණු වෙලා.ගොඩක් වැඩ කෑලි එහෙමත් තියනවා.
ඒ මොනවා තිබ්බාත් මට වැඩක් නෑ.මොකද මට වැදගත් වන්නේ ඔබේ අදහස් තමයි.
ඒත් මට ඒ වැදගත් දේ නම් හරි හැටිය ලැබෙන්නේ නම් නෑ.
comment එකක් දාන එක ඔබේ අතේ තිබන දෙයක්.
ඔබ මෙය කියවලා comment එකක් නොදී ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ.
මම කැමති හැබැයි ඔබේ අදහසක් මෙයට ලබාදෙනවා නම්...













ඒ කථා ඕනේ නෑ.මම මේ වගෙ බ්ලොග් එකක් පටන් ගන්න හේතුව කියන්නම් කෝ....



මම ලංකාවේ එක site එකක හිටියා.එකේ Global Moderator කෙනෙක් එක බ්ලොග් එකක් කරනවා.මටත් ආස හිතුනා බ්ලොග් එකක් හදාගන්න ඕනේ කියලා.ඉතින් හැදුවා.
ඒත් මම බ්ලොග් එක හැදුවා ට මේක හරියට කරගෙන යන්න තරම් තේරුමක් තිබ්බේ නෑ.ඔහොම ටික කාලයක් මොනවාත් කරන්නේ නැතිව තිබ්බා.පස්සේ ෆෙස්බුක් එකේ දී මට ඉස්කෝලේ ඉන්න යාලුවෙක් හම්බවුනා.එයාත් බ්ලොග් එකක් කරනවා.සමහර විට ඔයගොල්ලෝ මෙයාව දන්නවා ඇති.




මෙන්න ඒ යාලුවා ගෙ බ්ලොග් එක,
.·٠•●๋•දිලීපගේ බ්ලොග් සටහන් •๋●•٠·. /
මෙයා තමයි මට කිව්වේ උබේ බ්ලොග් එක හොඳට හදලා ගමු කියලා.පස්සේ මම මේක හැදුවා.මුල දී නම් දීලිප තමයි බ්ලොග් එක හදලා දුන්නේ.
පස්සේ මම එක එක videos එහෙම බලලා හදන විදිය හොයාගත්තා.මම විශේෂයෙන් දිලීප ව මතක් කලේ අදටත් ඔහු ගෙන් තමයි මොනවා හරි දෙයක් වුනොත් අහගන්නේ.


අද වෙනකොට මම පොස්ට් 29ක් පමණයි දමා ඇත්තේ.

1) මහින්දාගමනයෙන් පසු ලංකාව (මේක තමයි මම දාපු පළවෙනි පොස්ට් එක.හැබැයි මම ලියප් එකක් නම් නෙමෙයි

2) සිරිලක-----sirilaka
3) මගෙ හිතේ තියන දූකට ලිව්ව කවියක්......
4) සිරකරුවෙකුගෙ සිහිනය 1,2,3 සහ එහි විස්තර
5) විරහව
6) ආර්ථික
7) මිරිගුවක්
8) චකිතය
9) නව අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් ඉතිරේවා......
10) දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරගය
.
.
.
.
.
.
22) රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)
.
.
28) චකිතය-Nemesis
29) ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????
මම මෙතන නම් දැම්මේ පොස්ට් ටිකයි.කමක් නෑනේ ඔක්කෝම දැම්මේ නැතිවුනා ට???
ඒ මොනවා වුනත් ඔබ මා සමඟ ම තවදුරත් රැඳිසිටිනු ඇතැයි සිතමි.




